මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මරණ දඬුවම නියම කිරීමට සිරියානු අධිකරණයක් තීන්දු කර තිබේ.
ලක්ෂ පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ වසර 14ක දීර්ඝ සිරියානු සිවිල් යුද්ධයේදී සිදුවූ දරුණු යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඬුවම නියම කර ඇත. අසාද් සහ ඔහුගේ සොහොයුරා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාගයට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
2011 වසරේදී දාරා ප්‍රදේශයේ හටගත් විරෝධතා ලේවැකි ලෙස මර්දනය කිරීමට නායකත්වය දුන් අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ්ටද අධිකරණය මඟින් මරණ දඬුවම නියම කෙරිණි.
හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ සහෝදරයා රුසියාවට පලා ගොස් ඇති අතර, දැනට අත්අඩංගුවේ පසුවන ආටෙෆ් නජීබ් බන්ධනාගාර ඇඳුමින් සැරසී අධිකරණ කූඩුවේ සිටියදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්