සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව මිද්දෙණිය, උලහිටියාව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට පළිගැනීමක් ලෙස විදෙස්ගතව සිටින ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වයෙන් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඊයේ (12) පස්වරුවේ මිද්දෙණිය, උලහිටියාව, පදලන්ගල ගෙදර ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 7ක් පමණ එල්ල කර ඇත. බරපතළ තුවාල ලැබූ ඇය මිද්දෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පලාගොස් තිබූ අතර, ඔවුන් පැමිණි යතුරුපැදිය අද (13) උදෑසන මාතර, දම්පහළ, පොල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන ඇත. මුළු සිදුවීමම අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවක ද සටහන් වී තිබේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ බැකෝ සමන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු, ගණේමුල්ලේ සංජීව ඝාතනයට බැකෝ සමන්ගේ සහාය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. මීට අමතරව ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට ද බැකෝ සමන්ට චෝදනා එල්ල වී ඇත.

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ
හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි
රියදුරන්ට දැනුම්දීමක්