Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්

23 minutes ago

මේ දිනවල පැවැත්වෙන 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බවත්, හෙට (14) දිනයේ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසනවා.

අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී, මධ්‍යස්ථාන 6 කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ, ඊට පරිබාහිරව හෙට (14) පැවැත්වීමට නියමිතව තිබූ ‘භෞතික විද්‍යාව I’ (Physics I) ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් තිබී හමුවීමේ සිදුවීමක් වාර්තා වුණා.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර තොගය හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින් එමගින් ප්‍රශ්න පත්‍රය කිසිදු ලෙසකින් පිටතට නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කරනු ලැබුවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *