බටහිර කොලොම්බියාව සහ ඊට මායිම් වූ කලාපයන් සලිත කරමින් රික්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කරනවා.
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා සිට කිලෝමීටර් 400 ක් පමණ බටහිරින් පිහිටි ‘චොකෝ’ (Choco) කලාපයේ ‘සැන් හොසේ ඩෙල් පැල්මාර්’ (San Jose del Palmar) අසල මෙම භූමිකම්පාව සිදුව තිබෙනවා.
පොළොව මතුපිට සිට කිලෝමීටර් 107 ක් පමණ ගැඹුරින් මෙය හටගෙන ඇති අතර, සුනාමි තර්ජනයක් නොමැති බවයි ඇමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.
කෙසේවෙතත්, එම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ අවම වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්