ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ ප්රමුඛ පෙළේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි ඉන්දියානු ජාතික තරුණයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ (13) රාත්‍රී 7.00ට පමණ මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබේ.
අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට පිහිටි මුහුදු තීරයේ දිය නාමින් සිටියදී හදිසියේ පැමිණි ප්‍රබල සැඩ රළ පහරකට හසුව මොහු මෙසේ ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් බෙන්තොට පොලීසිය වෙත වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ‘Google’ (ගූගල්) ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතුව සිටි 24 හැවිරිදි ඉන්දියානු ජාතික තරුණයෙකි.
අතුරුදහන් වූ තරුණයා සොයා බෙන්තොට පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවරයින්ගේ සහාය ඇතිව විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ
හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?
ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි
රියදුරන්ට දැනුම්දීමක්