හිටපු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ප්‍රොස්ටේට් (Prostate) පිළිකා තත්ත්වය අස්ථිවලින් ඔබ්බට ද පැතිර ගොස් ඇති අතර, එය ඉතා වේදනාකාරී මෙන්ම දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයක් බව ඔහුගේ පුත් හන්ටර් බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.
BBC හි “Newsnight” වැඩසටහන සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හන්ටර් බයිඩන් මේ බව අනාවරණය කරනු ලැබුවා.
“පිළිකාව ශරීරය පුරා පැතිර ගොස් තිබෙනවා. එය අස්ථි වෙත පැතිරී තවත් ඉදිරියට ගොස් අවසන්. මෙය ඉතා වේදනාකාරී වගේම බොහෝ පැතිවලින් දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයක්,” යනුවෙන් හන්ටර් බයිඩන් එහිදී සඳහන් කර තිබෙනවා.
ජෝ බයිඩන් ධවල මන්දිරයෙන් සමුගෙන මාස හතරකටත් අඩු කාලයකදී, එනම් 2025 මැයි මාසයේදී, තමාට අක්‍රමවත් ලෙස පැතිරෙන (aggressive form) ප්‍රොස්ටේට් පිළිකාවක් ඇති බවත්, එය අස්ථි දක්වා පැතිර ගොස් ඇති බවත් ප්‍රසිද්ධියේ අනාවරණය කරනු ලැබුවා.
ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසූ පරිදි 2025 ඔක්තෝබර් මාසයේ සිට බයිඩන් විකිරණ ප්‍රතිකාර (radiation treatment) සහ හෝමෝන ප්‍රතිකාර (hormone therapy) සඳහා යොමු කර තිබෙනවා.
2020 වසරේදී ජනාධිපතිවරණය ජයගන්නා විට ඇමෙරිකානු ඉතිහාසයේ පත්වූ වයස්ගතම ජනාධිපතිවරයා වූයේ ජෝ බයිඩන්ය.
2021 සිට 2025 දක්වා පැවති ඔහුගේ ධුර කාලය තුළදී ඔහුගේ ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වය ද නිරන්තරයෙන් දැඩි කතාබහට ලක්වුණා.
මූලාශ්‍රය – රොයිටර්ස්

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්