ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් (Facebook) ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.
ශිරාන් බාසික් නැමැති පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත්, තමන් සතුව ඇත්තේ තමන් විසින්ම මහන්සි වී උපයාගත් මුදල් පමණක් බවත් ඇය අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් බාහිර පුද්ගලයන්ගේ මුදල් තමන් සතුව නොමැති බව පැවසූ ඇය, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන්නේ අසත්‍ය ප්‍රචාර බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු 14 වනදා මෙරටට රැගෙන එනු ලැබීය. එහිදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ගුවන්තොටුපළ ඒකකය මඟින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
මූලික ප්‍රශ්න කිරීම්වලින් පසුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති අතර, ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ කාර්යාංශය පියවර ගෙන තිබේ.

නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි