කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීමට ප්‍රදර්ශනය කිරිමේ වරදට අධිකරණයේදී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියම කළා.
සිද්ධියට අදාලව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියළු නිෂ්පාදකයින්, ආනයන කරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හා වෙළෙඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුලදී විකිණීමට නුසුදුසු /අයෝග්‍ය බවට හෝ කල් ඉකුත් වූ බවට / මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කිසිදු ආකාරයකින් හෝ විකිණීමට ඉදිරිපත් කරනු ලබන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව හෝ එකට යාව හෝ තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බවට දක්වා තිබෙන බවයි.

රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියානු රජයෙන් ලැබුණු ත්‍යාගය
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට ලොකු වගකීමක්
ශ්‍රී ලංකාවේ අන්නාසිවලට පාකිස්තාන වෙළෙඳපොළේ දොරටු විවර වෙයි
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම