‘Heroes’ සහ ‘Nashville’ යන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලා ඔස්සේ ලොව පුරා ජනප්‍රියත්වයට පත් ඇමරිකානු නිළි හේඩන් පැනෙටියර් වයස අවුරුදු 36දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කුඩා වියේම රංගන ක්ෂේත්‍රයට ආ පැනෙටියර්, ‘Heroes’ ටෙලි නාට්‍ය මාලාවේ ක්ලෙයාර් බෙනට් සහ ‘Nashville’ හි ජුලියට් බාන්ස් ලෙස කළ රංගනයන් හරහා ජාත්‍යන්තර කීර්තියක් හිමිකර ගත්තාය. ‘Nashville’ හි රංගනය වෙනුවෙනුයි ඇය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා දෙවරක් නිර්දේශ වී ඇත්තේ.
‘Remember the Titans’ සහ ‘Scream’ චිත්‍රපට මාලාව ඇතුළු නිර්මාණ රැසකටද ඇය දායක වී ඇති අතර, වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේද ඇගේ හඬ රංගනය කැපී පෙනුණා.
පැනෙටියර් අවසන් රංගන දායකත්වය 2026 වසරේ නිකුත් වූ ‘Sleepwalker’ චිත්‍රපටයටයි ලබා දී ඇත්තේ.
හේඩන් පැනෙටියර්ගේ පියා ඇලන් පැනෙටියර් විසින් නිකුත් කළ ප්‍රකාශයකින් ඇයගේ වියෝව තහවුරු කර ඇති අතර, පවුලේ සාමාජිකයන් මේ අවස්ථාවේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා තිබෙනවා.
මරණයට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්