Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියානු රජයෙන් ලැබුණු ත්‍යාගය

11 minutes ago

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් අනතුරකින් මුහුදට කඩා වැටුණු යානයක සිටි නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට දිගුකාලීන පදිංචි වීසා ලබාදීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ.

එරට මාධ්‍ය වාර්තාවකට අනුව, 2022 අගෝස්තු 12 වන දින සෝල් නුවර සිට කිලෝමීටර් 45ක් පමණ දකුණින් පිහිටි
හ්වාසන්ග් වෙරළට ඔබ්බෙන් වූ කහ මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු විසින් මෙම ගලවාගැනීමේ මෙහෙයුම සිදුකර ඇත.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ මොවුන් තමන් සේවය කර සිටි කොරියානු ධීවර බෝට්ටුව ආධාරයෙන් මුහුදට වැටුණු ගුවන් නියමුවන් දෙදෙනා බේරාගෙන සුරක්ෂිතව වෙරළට රැගෙන ඒමට කටයුතු කළහ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ශ්‍රී ලාංකිකයන් දකුණු කොරියාවේ රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ නිකුත් කරන ‘E-9’ වීසා බලපත්‍ර සහිතව සේවය කරමින් සිට ඇත. සාමාන්‍යයෙන් එම වීසා කාණ්ඩය යටතේ විදේශීය ශ්‍රමිකයෙකුට දකුණු කොරියාවේ රැඳී සිටිය හැක්කේ උපරිම වසර 4යි මාස 10ක කාලයක් පමණි.

ගුවන් නියමුවන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය සහ මානුෂීය මෙහෙය අගයමින් දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට නැවත නැවත වීසා දීර්ඝ කිරීමකින් තොරව එරට ස්ථිර ලෙස රැඳී සිටීමට හිමිකම් කියන මෙම දිගුකාලීන වීසා බලපත්‍ර පිරිනමා ඇත.

මෙම සිදුවීමට සහාය වූ අනෙක් ශ්‍රී ලාංකිකයාද මේ වන විටත් දිගුකාලීන වීසා හිමිකරගෙන සිටින බව සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *