Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයි

17 minutes ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පාකිස්තාන තරග සංචාරයට අදාළ නිල තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද (19) නිවේදනය කළේය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරග 3කට, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 2කට මෙන්ම එංගලන්තයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියකට ද එක්වීමට නියමිතය.

තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානයට ළඟාවීමට නියමිත අතර, ඔක්තෝබර් 09 සිට නොවැම්බර් 21 දක්වා එහි රැඳී සිටීමට නියමිතය.

පළමුවෙන්ම ආරම්භ වන විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 09 සිට 13 දක්වා රාවල්පින්ඩි හිදී පැවැත්වේ.

අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය ඔක්තෝබර් 18 සිට 31 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වේ.

එහි සමාරම්භක තරගය ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සංචාරයේ අවසන් අදියර ලෙස 2025-27 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලිය පැවැත්වේ.

මෙහි පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 09 සිට 13 දක්වා රාවල්පින්ඩි හිදී ද, දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ද පැවැත්වේ.

පසුගිය වසරේ දකුණු අප්‍රිකානු තරගාවලියට පසුව, මෙවර ටෙස්ට් ශූරතා චක්‍රය යටතේ පාකිස්තානය සත්කාරකත්වය දරන දෙවන ටෙස්ට් තරගාවලිය මෙය වේ.

එමෙන්ම 2025 චැම්පියන්ස් කුසලානයට පෙර පැවැති තුන්කොන් තරගාවලියට පසු පාකිස්තානයේදී පැවැත්වෙන දෙවන තුන්කොන් එක්දින තරගාවලිය ලෙසද මෙය වාර්තා අතරට එකතු වේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි20 තරගාවලිය

ඔක්තෝබර් 9 – පළමු  T20 තරගය

ඔක්තෝබර් 11 – දෙවන T20 තරගය

ඔක්තෝබර් 13 – තෙවන T20 තරගය

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය

නොවැම්බර් 9-13 – පළමු ටෙස්ට් තරගය

නොවැම්බර් 17-21 – දෙවන ටෙස්ට් තරගය

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය

ඔක්තෝබර් 18 – පාකිස්තානය –  ශ්‍රී ලංකාව

ඔක්තෝබර් 20 – පාකිස්තානය – එංගලන්තය

ඔක්තෝබර් 22 – ශ්‍රී ලංකාව – එංගලන්තය

ඔක්තෝබර් 25 – පාකිස්තානය – එංගලන්තය

ඔක්තෝබර් 27 – පාකිස්තානය  – ශ්‍රී ලංකාව

ඔක්තෝබර් 29 – ශ්‍රී ලංකාව – එංගලන්තය

ඔක්තෝබර් 31 – අවසන් මහා තරගය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *