පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් ලබාදීමේ දත්ත පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අලුතින් අයදුම්පත් ඉදිරිපත් නොකරන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මඟින් මෙම සහතික නිකුත් කෙරෙන අතර, එහි අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික පත්‍ර මුද්‍රණය සිදු කරන දත්ත පද්ධතිය ඊයේ (20) දින දහවල් සිට මෙලෙස අක්‍රීය වී තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර අදාළ දත්ත පද්ධතිය හැකි ඉක්මනින් යථාවත් කිරීමට පියවර ගනිමින් පවතින බව පොලීසිය පවසයි.
අදාළ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වන තෙක් නව නිෂ්කාශන වාර්තා ඉල්ලුම් නොකරන ලෙස දැනුම් දෙන අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ සැනින් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි.

නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි
විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි
මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්
නන්දා මාලනීය වෙනුවෙන් ජනපති තැබූ ශෝක පණිවුඩය
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
අදත් රුපියල ස්ථාවරයි
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි වැදී මරුට