Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට

1 day ago

යාපනය, පණ්ඩතරිප්පු ප්‍රාන්පත්තු ප්‍රදේශයේ කෝවිලක ඊයේ (20) පැවති උත්සවයක් අතරතුර අධික ලෙස ගිනිකෙළි භාවිතය මෙන්ම අධි බලැති ලේසර් කිරණ හේතුවෙන් ඇස්වලට ඇතිවූ හානි හේතුවෙන් පුද්ගලයින් 166 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඒ අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළත් වන බව වාර්තා වේ.

කෝවිලේ පැවති උත්සවය අතරතුර අධික ලෙස ගිනිකෙළි දල්වා ඇති අතර, පැවැති ප්‍රසංගය අතරතුරදී ද අධි බලැති ලේසර් කිරණ භාවිත කර ඇති බවට වාර්තා වේ.

මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට ඇස් දැවිල්ල, සහ දෘෂ්ටි දුර්වලතා ඇතුළු ආබාධ මතුවී ඇති අතර ඒ අනුව එම පිරිස රෝහල් කර ඇත.

මූලික තොරතුරුවලට අනුව, යාපනය ශික්ෂණ රෝහලට පුද්ගලයින් 120ක් ද, තෙල්ලිප්පලෙයි මූලික රෝහලට පුද්ගලයින් 46 දෙනෙකු ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් සෞඛ්‍ය අංශ විසින් එම ප්‍රදේශයේ අඛණ්ඩව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවද වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *