Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

7 minutes ago

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ සදහා පත් කළ කමිටුවේ වාර්තාව, කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, බන්ධනාගාර නිලධාරීන්, කමිටු සාමාජිකයින් ඇතුලු සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවකදී යි.

ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන්ට නිවාස නිවාඩු ලබාදීම, අදාළ කමිටුවේ ප්‍රධාන නිර්දේශ අතරට ඇතුළත් වනවා.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කමිටුව පත් කෙරුණා.

ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන්.

කමිටුව, මාස දහයක් පුරා කරන ලද අධ්‍යනයකින් අනතුරුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *