රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සුගීෂ්වර බණ්ඩාර මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ පාදයේ පැවති ‘වෙරිකෝස්’ (Varicose veins) තත්ත්වය මත රුධිර නහරයක් පුපුරා යාම හේතුවෙන්.
රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන සුගීෂ්වර බණ්ඩාර කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබුණා.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ, බන්ධනාගාරගතව පසුවන රැඳවියෙකුගේ අභ්‍යන්තර පරිපාලන හෝ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සෘජු නියෝග නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි.
ඒ අනුව අදාළ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සෘජුව යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයා ලෙස මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලයේදී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද ඔහු කටයුතු කළා.
රුපියල් කෝටි 22කට අධික රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩකිරීම පිළිබඳව එල්ල වී ඇති චෝදනාවලට අදාළවයි ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ.

පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගිය 6කට වැඩ වරදී
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්
නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය
සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්
රුමේෂ් තරංගගෙන් යළිත් සුපිරි දස්කමක්
මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
දිවිසැරිය නිම කළ නන්දා මාලනියට ජනපති අවසන් ගෞරව දක්වයි
ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ලංකා බැංකුවේ පාරිභෝගිකයින්ට නව ඩිජිටල් සේවාවක්
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක්
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියානු රජයෙන් ලැබුණු ත්‍යාගය