මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ සදහා පත් කළ කමිටුවේ වාර්තාව, කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, බන්ධනාගාර නිලධාරීන්, කමිටු සාමාජිකයින් ඇතුලු සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති සාකච්ඡාවකදී යි.
ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන්ට නිවාස නිවාඩු ලබාදීම, අදාළ කමිටුවේ ප්‍රධාන නිර්දේශ අතරට ඇතුළත් වනවා.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කමිටුව පත් කෙරුණා.
ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන්.
කමිටුව, මාස දහයක් පුරා කරන ලද අධ්‍යනයකින් අනතුරුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

22 වැනි සංශෝධනය ගැන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය
අද අව් – වැසි තත්ත්වය
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක්
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට
කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
සියදිවි නසාගන්න ගිය පුතා නිසා මව සහ පියාටත් දිවි අහිමිවෙයි
FIFA වෙතින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට රතු එළියක්! ලෝක කුසලාන ඉතිහාසයේ බරපතළම දඬුවම් අතරට එක්වූ තහනමක්!
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ලබන සතියේ දිවයිනට
නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාරව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි
පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගිය 6කට වැඩ වරදී
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්