අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතාගේ මෘත ශරීරය පොලිසිය අද (24) පෙරවරුවේ සොයාගෙන තිබුණි.
ඒ යුද හමුදාව හා පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදි බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව අසල වන ලැහැබක තිබියදීය.
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා ඊයේ (23) පෙරවරුවේ සිටි අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය වහාම විමර්ශන ආරම්භ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය මාර්ගයේ 17 කණුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ (23) රාත්‍රියේ සොයාගෙන තිබුණි.
ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා පොලීසිය, යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කෙරිණි.
එහිදී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේ වන ලැහැබක මීටර් 800ක් පමණ ඇතුළත තිබූ ගලක් මත තිබී සොාය ගෙන තිබුණේ අද (24) උදෑසනදීය.
එම ස්ථානයේ තිබි ඖෂධ වර්ග 3ක් ද පොලිසිය සොයා ගෙන තිබේ.
ඒ අනුව වෛද්‍යවරයා එම පෙති පානය කර සියදිවි නසා ගෙන ඇති බවට පොලිසිය සැක පළ කර සිටී.
එමෙන්ම ඔහු දීර්ඝ කාලයක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන ඇති බව ද පොලිසිය මේවන විට අනාවරණ කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
(source – ada derana)

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි