Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල

රුපියල ශක්තිමත් වෙයි

3 minutes ago

2026 වසරේ මුල් මාස 06 තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 8%ක අවප්‍රමාණයක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව පසුගිය සිකුරාදා (21) වන විට රුපියලේ අවප්‍රමාණය 6.1%ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර සිටී.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.54ක් දක්වා ත්, විකුණුම් මිල රු. 333.59ක් දක්වා ත් පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා (21) මෙම අගයයන් වාර්තා වූයේ පිළිවෙලින් රු. 325.10ක් හා රු. 334.23ක් ලෙසිනි.

අද දින ඩොලරයේ මධ්‍ය අගය රු. 329.44ක් ලෙසින් සටහන්ව ඇත. මෙලෙස ඩොලරයේ මධ්‍ය අගය රු. 330 මට්ටමින් පහළට පැමිණ ඇත්තේ පසුගිය ජූනි 01 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දී වීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *