Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට

1 hour ago

එල්නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට අක්කර 8,000ක පමණ වගා හානියක් සිදුව ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙලෙස වගාවන් විනාශ වීම නිසා ගොවීන් 7,000කට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.

ජල කළමනාකරණ ඒකකය යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල දැනට පවතින්නේ 55%ක ජල ධාරිතාවක් පමණක් බව එහි අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයත් සමඟ මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 7 තුළ පවුල් 25,628ක පුද්ගලයින් 81,865 දෙනෙකු පවතින වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) තහවුරු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *