ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට පටහැනි වන බැවින්, එය සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ මෙහෙයුමකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
විනිසුරුවරුන්ගේ සේවා කාලය පසුගාමී ලෙස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයට ද බරපතල ලෙස බලපාන බව පෙත්සමෙන් පෙන්වා දී ඇත. වත්මන් විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම තුළින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ සහ ගැටුම්කාරී තත්ත්වයන් මතුවන අතර, ව්‍යවස්ථාදායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟහැර මෙලෙස කටයුතු කිරීම අධිකරණය අත්පත් කර ගැනීමක් (Court capture) ලෙස හැඳින්විය හැකි බවද එහි දැක්වේ.
අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවීමේ පවතින ගැටුම්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)(iii) ව්‍යවස්ථාව යටතේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ මෙම නඩුව විමසීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව