පාසල් සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප හා ඇතැම් දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා මුදලට අලෙවි කිරීමේ සංවිධානාත්මක මාර්ගගත (Online) ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ලැබී ඇති සියලු තොරතුරු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID) වෙත ඉදිරිපත් කර ඇති අතර විමර්ශන ක්‍රියාත්මක වේ.
අදාළ සමාජ මාධ්‍ය සමූහ (Groups) සහ ගිණුම් අතුරින් බොහොමයක් විදෙස් රටවල සිට මෙහෙයවන බවට හඳුනාගෙන තිබේ.
යම් තැනැත්තෙකු මෙම ජාවාරමට ගොදුරු වී ඇත්නම් ඔවුන් මනෝ සමාජීය උපදේශනය සහ අවශ්‍ය නෛතික සහාය වෙත යොමු කරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි. ඒ සඳහා පහත ගාස්තු රහිත කෙටි දුරකථන අංක හඳුන්වා දී ඇත:
- 1938 – කාන්තා සහාය සේවාව
- 1929 – ජාතික ළමාරක්ෂක අධිකාරිය

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය