Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර

1 hour ago

නේපාලයට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X සමාජ මාධ්‍ය ඔස්සේ සිය දැඩි ශෝකය ප්‍රකාශ කර ඇත.

නේපාලයේ දැනට ක්‍රියාත්මක වන මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සූදානමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට මාස 10කට පෙර ඇති වූ සුළි කුණාටු ආපදා බලපෑමෙන් ගොඩ එමින් පවතින ජාතියක් ලෙස, නේපාල ජනතාව මුහුණ දෙන මෙම ශෝකය ශ්‍රී ලංකාව ද එක සිතින් බෙදා හදා ගන්නා බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.

නේපාල ජනාධිපතිවරයා, නේපාල අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත නේපාල ජනතාව වෙත තමාගේ සහ ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය මෙම පණිවිඩය මගින් ප්‍රකාශ කර සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *