Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදට යෙදෙන නිකිණි පුර පස‍ළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම

1 hour ago

ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේලා මෙන්ම සැදැහැති දායකයන් විසින් උදාර පෞරාණික බුද්ධ නියමයන් ඉටුකරනු ලබන දිනයක් ලෙස නිකිණි පොහොය සැලකේ.

බුදුරජාණන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කර රාහුල හිමියන් රහත්භාවයට පැමිණ ඇත්තේ අද වැනි පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයකය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතින් පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *