ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා පවසයි.
කෙසේ වෙතත් අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත් රැඳී සිටින බැවින්, ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවකට නොමැති බවත්, එම නෞකාවලට පහසුකම් සැපයීමක් සිදුනොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බව ‘TankerTrackers’ වෙබ් අඩවිය සඳහන් කළේය.
අමෙරිකාව යොදා ඇති නාවුක බාධකය හේතුවෙන් අදාළ නෞකාවලට, ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වෙයි.
එම පසුබිම හමුවේ ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13කට ආසන්න සංඛ්‍යාවක් සහ සම්බාධක මගහරින නෞකා හෙවත් ‘ෂැඩෝ ෆ්ලීට්’ නෞකා කිහිපයක් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව මේ වනවිට නැංගුරම් ලා සිටින බව ‘TankerTrackers’වෙබ් අඩවිය පවසයි.
කෙසේවෙතත් එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ අදාළ නෞකා මේ වනවිට ඉන්ධනවලින් තොර බවය.
පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු සබ්මැරීනයක් විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 19ක් දුරින් තිබූ අයිරිෂ් ඩේනා නෞකාවට පහර දී ගිල්වා දැමීමේ පසුබිම යටතේ, මේ වනවිට ශ්‍රී ලංකාව ආශ්‍රිතව නැංගුරම්ලා ඇති නෞකාවලටද ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවද එහි දැක්වේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යටතේ මධ්‍යස්ථ රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන එම රටේ භෞමික ජල සීමාව තුළ රැඳීසිටින නෞකාවලට පහර දීමට අමෙරිකා එක්සත් ජනපදයට අවසර හිමි නොවන බව ‘TankerTrackers’ වෙබ් අඩවිය සඳහන් කළේය.
(source – ada derana)

රවී කරුණානායකට අධිකරණයෙන් දුන් නියෝගය
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්