Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාන් මිල ඉහළට

2 minutes ago

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති එම් . කේ ජයවර්ධන මහතා පැවසවේ, තිරිඟු පිටි ආනයනික සමාගම් වලින් පෙරේදා(29) දිනයේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමත් සමඟ මෙලෙස පාන් ගෙඩියක මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවය.

මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *