Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද කාලගුණය

16 minutes ago

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාත, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද, වයඹ පළාත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං හමන අතර අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ජනතාවට දැනුම් දෙයි.

මේ අතර සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද (31) දහවල් 12:10ට නෙරියකුලම, පුනෑව, කැබිතිගොල්ලෑව, පන්කුලම සහ සිංහපුර යන ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *