ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ගාල්ල ජාතික රෝහල වෙත ජල පිරිපහදු කට්ටල 10ක් පරිත්‍යාග කිරීම පසුගිය (29) පස්වරුවේ සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි (Mr. Maitrey Kulkarni) සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හරවින්ද්‍ර සිං යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
රෝහල් පරිශ්‍රයේ තෝරාගත් ස්ථානවල ස්ථාපිත කිරීමට නියමිත මෙම කට්ටල අතුරින් ප්‍රධාන දොරටුව අසල සවිකළ පළමු ජල පිරිපහදු කට්ටලය මෙහිදී විවෘත කළ අතර, අනතුරුව ඉන්දීය නියෝජිත පිරිස රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය (ETC) නිරීක්ෂණය කිරීමට ද එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?