ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත ඇසළ මහා පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමන සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (30) පස්වරු 6.30 සිට මෙම පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් පෙරහැර ගමන් ගන්නා මාර්ගයන් හී රථ වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවයි.
පෙරහැර මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර මහනියර හන්දියෙන් 175 බස් මාර්ගය ඔස්සේ බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ, MDH ජයවර්ධන මාවත ඔස්සේ ගමන් කර විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි