Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ

1 hour ago

දිවයිනේ සබරගමුව පළාතටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං හමන අතර, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද (30) දහවල් 12:11ට මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම, වැලිඔය සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *