Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

10,000කට අලුතින් පොලිසියේ රැකියා

1 hour ago

පොලිස් සේවයට ඉදිරියේදී නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඊයේ (29) පැවැති ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ මේ වන විට මානව සම්පත් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් සේවය සඳහා 10,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබුණු බවය.

එමෙන්ම මේ වන විට පොලිස් සේවය තුළ නිලධාරීන් 38,000ක හිඟයක් පවතින බවත් එම හිඟය සහිතව සේවාව පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් පොලිස්පතිවරයා පැවසුවේය.

තවද වසරකට පොලිස් සේවයෙන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම සහ වෙනත් හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් වන බවද පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  සඳහන් කළේය.

“අපිට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයට නැතිකම, නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණවත් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිතුමාට, අමාත්‍යතුමාට දැනුම්දුන්නාට පස්සේ මානව සම්පත් වැඩි කරන්න අපිට 10,000ක් බඳවා ගන්න අවසරයක් ලැබුණා. මොකද අපි බඳවා ගත්තේ නැත්නම් ඒ එක්කම වයස්ගතව සහ වෙනත් කටයුතු නිසා බැහැරවන සංඛ්‍යාව අවුරුද්දකට දෙදාස් ගාණක් වෙනවා. ඒ අනුව අද වන විට 38,000ක වගේ අත්‍යවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් අඩුවෙන් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *