වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකු සිටින බව ප්‍රකාශ කළද, වැඩි කල් නොගොස් එම ආණ්ඩුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ විපක්ෂයේ සියලු පාර්ශ්වයන් එකමුතුව සමගියෙන් කටයුතු කළහොත් ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණ පහසුවෙන් ඉටුකරගත හැකි බවයි.
වත්මන් පාර්ලිමේන්තුව එළඹෙන සිංහල අවුරුද්දට පෙර අවසන් වන බවට විශ්වාසය පළ කළ ඒ මහතා, තමන් දේශපාලනය තෝරාගෙන ඇත්තේ රටට සහ ජාතියට සේවයක් කිරීමේ අරමුණින් බව ද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“ඒකාබද්ධ විපක්ෂයේ අපි එකතු වෙලා තියෙන්නේ මොකකටද? අපි ඔක්කොම සමගියෙන් වැඩ කලොත් පම්ණයි මේ වැඩේ ඉවර කරන්න පුලුවන්. මට එක සහතිකයක් දෙන්න පුලුවන්. වැඩි කල් යන්නේ නෑ. ගොඩක් අය කියනවනේ 159ක් ඉන්නවා කියලා ආණ්ඩුවට. එළවනවා. ලියලා තියාගන්න. ලියලා තියාගන්න එළවන එක එළවනවා. සමහර අය බය වෙන්න පුලුවන්. අපි දේශපාලනය තෝරගෙන තියෙන්නේ රටට ජාතියට මොනවහරි කරන්න.
මම බලාගෙන හිටියා අඔඒ නායකයාට දඬුවම් දීලා ඉවර වෙලා කොහොමද වජිරයට දඬුවම් දෙන්නේ කියලා. මතක තියාගන්න මේ පාර්ලිමෙන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් අවසන් වෙනවා.”

පයාගල වෙඩිල්ලෙන් පානදුර නිලංගගේ මස්සිනාට දිවි අහිමි වෙයි
සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්
විදුලි බිල වැඩිවෙයිද?
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු
ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට