Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෛද්‍ය වර්ජනයක්

වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්?

33 minutes ago

වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සය පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවේ ලේකම් ලෙස වෛද්‍ය අමිල සුරංග මහතා කටයුතු කරන අතර වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, වෛද්‍ය සමින්ද සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.එන්.පී ඕපාත සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලීප් ද සිල්වා යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව විසින් අතරමැදි ශ්‍රේණිය නිර්වචනය කිරීම, අදාළ විශේෂඥතා ක්ෂේත්‍ර, තෝරා ගැනීමේ පටිපාටිය, ප්‍රතිලාභ සහ ස්ථාන මාරු ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර මසක් ඇතුළත සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *