Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක

7 minutes ago

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (02) දිනයේදී විරෝධතාවයක නිරත වීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) තීරණය කර තිබේ.

ඒ අනුව හෙට දහවල් විවේක කාලය තුළ මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු කරන බව අද (01) පැවැති මාධ්‍ය හමුවකදී එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශිෂ්‍ය බඳවාගැනීම් වැඩි වුවද ඊට සාපේක්ෂව ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළද රජය පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු නොවූ බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා,

“ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිස සමඟ සාකච්ඡා කළා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. ඒ අයට ලිඛිතව මේ ගැටලු ඉදිරිපත් කළා. ඒවා නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය යෝජනාවලි ඉදිරිපත් කළා. අද වෙනතුරු මේ සඳහා කිසිදු විසඳුමක් ආණ්ඩුව පැත්තෙන් ලැබිලා නෑ. අපි දන්නවා 2015 විතර වෙනකොට මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට වසරකට ශිෂ්‍යයින් 2500ක් පමණ බදාවගත්තා. දැන් මේ වෙනකොට 2026 වෙනකොට වසරකට ශිෂ්‍යයින් 45000ක් වගේ බදවාගන්නවා. හැබැයි 2015 වෙනකොට හිටපු ආචාර්යවරු ප්‍රමාණය 5800ක්. 6000කට ආසන්නයේ. මේ වෙනකොට ඒකෙනුත් 1000ක් විතර විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල හැරගිහින් තියෙනවා. පහුගිය වසර කීපය තුළ විශාල වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල හැර ගියා. දැන් මේ වෙනකොට යම් ප්‍රමාණයක් බදවාගැනීම් විවෘත කරලා තිබුණත් ඒ තනතුරුවලට අයදුම් කරන් නැති තත්වයක් මේ වෙනකොට උද්ගතවෙලා තියෙනවා. මේක ඉතාම බරපතළ තත්වයක්…”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *