Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

28 minutes ago

නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන සැප්තැම්බර් 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.

නඩුවේ තෙවැනි සැකකරු වන ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් බන්ධනාගාරයේ සිට ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝා#නය කිරීමේ සිද්ධියට අදාළව ද මොහු රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.

2008 වසරේ සිදු වූ මෙම පංච පුද්ගල ඝා#න සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර, ඉන් පළමු සැකකරු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *