ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency issuer default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch Ratings) පියවර ගෙන තිබේ.
එහි ඉදිරි අපේක්ෂාව (Outlook) ‘ස්ථාවර’ (Stable) මට්ටමේ පවත්වා ගැනීමට ද එම ආයතනය කටයුතු කර ඇත.
බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙන්ම ආර්ථික කම්පනවලට එරෙහිව ගොඩනැඟී ඇති ඔරොත්තු දීමේ හැකියාව මෙම ණය ශ්‍රේණිගත කිරීම් උසස් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ෆිච් ආයතනය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙරට තවදුරටත් පවතින ඉහළ ණය සහ ණය සේවාකරණ අනුපාතික මෙන්ම මධ්‍යස්ථ මට්ටමක පවතින විදේශ විනිමය සංචිත තවදුරටත් රටේ ණය පැතිකඩට බාධාවක්ව පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට