Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!

48 minutes ago

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency issuer default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch Ratings) පියවර ගෙන තිබේ.

එහි ඉදිරි අපේක්ෂාව (Outlook) ‘ස්ථාවර’ (Stable) මට්ටමේ පවත්වා ගැනීමට ද එම ආයතනය කටයුතු කර ඇත.

බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙන්ම ආර්ථික කම්පනවලට එරෙහිව ගොඩනැඟී ඇති ඔරොත්තු දීමේ හැකියාව මෙම ණය ශ්‍රේණිගත කිරීම් උසස් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ෆිච් ආයතනය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙරට තවදුරටත් පවතින ඉහළ ණය සහ ණය සේවාකරණ අනුපාතික මෙන්ම මධ්‍යස්ථ මට්ටමක පවතින විදේශ විනිමය සංචිත තවදුරටත් රටේ ණය පැතිකඩට බාධාවක්ව පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *