Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට

7 minutes ago

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබෙනවා.

සාමාජික රටවල් 11ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර BRICS සමුළුවේදී මැදපෙරදිග සහ යුක්‍රේන යුද්ධ මෙන්ම ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද ප්‍රධාන අවධානය යොමුවනු ඇති බව සඳහන්.

රුසියානු ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන අතර චීන ජනාධිපති ෂී ජින්පින් ද දෙදින සමුළුවට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

මෙය 2019 වසරෙන් පසු ෂී ජින්පින් ඉන්දියාවේ සිදුකරන පළමු සංචාරය වන අතර, ඉන්දියාව සහ චීනය අතර පවතින සබඳතා යළි යහපත් අතට හැරෙමින් පවතින බවටද මෙය වැදගත් සංඥාවක් ලෙස සැලකෙනවා.

මේ අතර, ඉරාන යුද්ධය හේතුවෙන් BRICS කණ්ඩායමේ එකමුතුවද දැඩි පරීක්ෂාවකට ලක්වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඉන්දියාව ඉරානය සහ ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වාගෙන යන අතරම, අමෙරිකාව සමඟද සිය සබඳතා සමබරව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.

රුසියාව සමඟ ඇති සමීප සබඳතා හේතුවෙන් ඉන්දියාව, ඉරාන යුද්ධයෙන් ඇති වූ බලශක්ති අර්බුදයට මුහුණ දීමේදී රුසියානු ඉන්ධන වෙතද වැඩි වශයෙන් යොමුවී ඇති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *