Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!

16 minutes ago

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ යම් මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි. පසුගිය දිනවල දිවයිනේ ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් නිර්මාණය වූයේ අනෙකුත් ඉන්ධන වෙළෙඳ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් බවත්, ඒ පිළිබඳව සියලුම ඉන්ධන සමාගම් කැඳවා පැවැත්වූ සාකච්ඡාවකදී තමන්ට සිදුවන අධික පාඩුව පිළිබඳව අදාළ සමාගම් විසින් රජය වෙත තොරතුරු අනාවරණය කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් ද, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් ද පෙන්වා දී තිබේ. එමෙන්ම LIOC (IOC) සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇත. රජයට ජාතික වගකීමක් තිබුණ ද ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන පෞද්ගලික සමාගම්වලට මෙලෙස පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට හැකියාවක් නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අදාළ සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම්වලට අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම් එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බව පෙන්වා දුන් ඩී. ජේ. රාජකරුණා මහතා, අදාළ සමාගම්වලට පාඩුවක් නොවන පරිදි ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් දැනට අවධානය යොමුව ඇති බව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *