Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි

15 minutes ago

සමාගම් 6ක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.

මහ බැංකුව ඊයේ (22) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර ඇති බවයි.

අනතුරුව කොළඹ මහාධිකරණය විසින්ද අදාළ තහනම් නියෝග තහවුරු කර දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව තහනම් නියෝග ක්‍රියාත්මක වන සමාගම් වන්නේ,

Kasagala Green Plantation (Private) Limited

Ceylon Green Life Plantation (Private) Limited

Singhe Capital Investment Limited

Pro Shop Advertising Holdings (Private) Limited

Athens International Education Centre (Private) Limited

Eyon Lanka Investment & Film Production International Company (Private) Limited යන සමාගම්.

ඉන් Kasagala Green Plantation සහ Ceylon Green Life Plantation යන සමාගම් සම්බන්ධයෙන් මූල්‍ය ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බව මහ බැංකුව සඳහන් කරනවා.

අනෙකුත් සමාගම් හතර මූල්‍ය ව්‍යාපාර පනතට පටහැනිව මූල්‍ය ව්‍යාපාර සිදුකර ඇති බව හෝ මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බවට මහ බැංකුව විසින් දැනටමත් තීරණය කර ඇති බවද සඳහන්.

මේ අතර මුදල් තැන්පත් කිරීමේදී නීත්‍යානුකූලව බලයලත් ආයතන පමණක් තෝරාගන්නා ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම නීත්‍යානුකූල අවසරයකින් තොරව මූල්‍ය ව්‍යාපාර සිදුකරන බවට හෝ මහජන තැන්පතු භාරගන්නා බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් තවත් ආයතන සහ පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *