මත්ද්රව්ය නිෂ්පාදනය කිරීම, ජාවාරම් කිරීම සහ බලපත්ර රහිත ගිනිඅවි ළඟ තබාගැනීම යන චෝදනාවලට වරදකරුවන් වූ ඊජිප්තුවේ ප්රකට රූපවාහිනි නිවේදිකාවක වන සාරා කලීෆා (Sarah Khalifa) ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරට කයිරෝ අපරාධ අධිකරණය මගින් එල්ලුම් ගසින් මරණ දඬුවම නියම කර තිබේ.
ඊජිප්තු රජයට අයත් අල්-අහ්රාම් (Al-Ahram) පුවත්පතට අනුව, ඇය ඇතුළු පිරිස විදේශයන්ගෙන් අමුද්රව්ය ගෙනැවිත් මත්ද්රව්ය නිෂ්පාදනය කර අලෙවි කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බවට තහවුරු වී ඇත.
39 හැවිරිදි සාරා කලීෆා අපරාධ හා ආරක්ෂක ක්ෂේත්රය ආවරණය කළ ‘Mission Impossible’ රූපවාහිනී වැඩසටහන හරහා බෙහෙවින් ජනප්රිය වූ තැනැත්තියකි.
විමර්ශන අතරතුරදී මත්ද්රව්ය කිලෝ 750කට අධික ප්රමාණයක්, නිෂ්පාදනාගාර ලෙස භාවිත කළ ස්ථාන සහ ගිනිඅවි සොයාගැනීමට බලධාරීන් සමත් වී තිබේ.
කෙසේ වෙතත්, සාරා මෙම සියලු චෝදනා ප්රතික්ෂේප කර ඇති අතර, තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ වෙනත් නඩුවකට ද ඇයට වසර 5ක සිරදඬුවමක් නියම වී තිබුණි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට