22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ වත්මන් රජය 22 වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කරමින් තනි පක්ෂ පාලනයක් ඇති කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබුණද ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් විනාශ කිරීමට ඉඩ නොදෙන බවත්, 22 වැනි සංශෝධනයට එරෙහිව ප්‍රථමයෙන්ම නැගී සිටියේ සමගි ජන බලවේගය බවත් ඔහු පැවසීය.
රජයේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සියලු ප්රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත්, ආණ්ඩුවේ පාලනයට එරෙහිව තබන ප්රබලතම පියවර සැප්තැම්බර් 24 වැනිදා තබන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
22 හැවිරිදි තරුණයාට දිවි අහිමි කළ මාරක අනතුර
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට