Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය

1 day ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස්කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක් හිමිව තිබේ.

චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවැත්වෙන මෙම තරගයේ එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක හැරී බෘක් ලකුණු 67ක් රැස්කළ අතර, විල් ජැක්ස් (Will Jacks) නොදැවී ලකුණු 46ක් සහ ජෝ රූට් ලකුණු 44ක් ලබාගත්තේය. ඊට අමතරව බෙන් ඩකට් ලකුණු 32ක් සහ ජොස් බට්ලර් ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳහෙළීය. මීට අමතරව දුනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *