හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ලංකා ජයරත්න විසින් මේ තීන්දුව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
2022 වසරේ අගෝස්තු මස 13 වැනිදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.95 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරුවරිය විසින් තීන්දු ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, මෙම විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව, එම විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි
රු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
ඥානසාර හිමියන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ