ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම් ලා ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා සඳහන් කරන්නේ, මෙම අමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොව, ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බවයි.
ඒ මහතා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ, අදාළ ද්විතීයික සම්බාධක සම්බන්ධයෙන් අමෙරිකාව අගෝස්තු 24 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇති අතර, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකා සඳහා සේවා සපයන පුද්ගලයන්ට හෝ ආයතනවලට අමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමි වීමේ අවදානමක් ඇති බවය.
මෙම පියවර අමෙරිකා එක්සත් ජනපදයේ පුළුල් සම්බාධක ප්‍රතිපත්තියේ කොටසක් බවත්, එය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගත් පියවරක් නොවන බවත් ඔහු අවධාරණය කරයි.
මෙවැනි සම්බාධකවලට ලක්වන නෞකා ඉන්දියානු සාගරයට පමණක් සීමා නොවන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.
පවතින ගැටුම් සහ ඒවාට සම්බන්ධ භූ දේශපාලනික වර්ධනයන් හේතුවෙන් ලෝකයේ අනෙකුත් සාගර කලාපවලද මෙවැනි නෞකා පවතින බව ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් පැහැදිලි කර ඇත.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට