Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

10 minutes ago

ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම් ලා ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා සඳහන් කරන්නේ, මෙම අමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොව, ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බවයි.

ඒ මහතා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ, අදාළ ද්විතීයික සම්බාධක සම්බන්ධයෙන් අමෙරිකාව අගෝස්තු 24 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇති අතර, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකා සඳහා සේවා සපයන පුද්ගලයන්ට හෝ ආයතනවලට අමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමි වීමේ අවදානමක් ඇති බවය.

මෙම පියවර අමෙරිකා එක්සත් ජනපදයේ පුළුල් සම්බාධක ප්‍රතිපත්තියේ කොටසක් බවත්, එය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගත් පියවරක් නොවන බවත් ඔහු අවධාරණය කරයි.

මෙවැනි සම්බාධකවලට ලක්වන නෞකා ඉන්දියානු සාගරයට පමණක් සීමා නොවන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

පවතින ගැටුම් සහ ඒවාට සම්බන්ධ භූ දේශපාලනික වර්ධනයන් හේතුවෙන් ලෝකයේ අනෙකුත් සාගර කලාපවලද මෙවැනි නෞකා පවතින බව ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් පැහැදිලි කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *