Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්

1 hour ago

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 26 වන දින අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීම සඳහා පුද්ගලයෙකුගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.

අදාළ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු, ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත වැඩිදුර මූලික විමර්ශන ක්‍රියාත්මක වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *