දිවයින පුරා ක්රියාත්මක කළ විශේෂ විමර්ශන වැඩසටහනකදී නීතිමය ප්රමිතීන්ට අනුකූල නොවන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්රමාණයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පසුගිය සතිය තුළ සිදු කළ පරීක්ෂා කිරීම් 144කදී නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් වැටලීම් 96ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධයෙන් වැටලීම් 48ක් සිදුකර තිබේ.
2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළකර ඇති විධාන අංක 96 මඟින් නියමිත අවශ්යතාවලට අනුව, ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්රමිතියත්, පොලිමර් ද්රව්යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්රමිතියත් අදාළ වන අතර එම විධානය 2026 අප්රේල් 01 දින සිට ක්රියාත්මක වේ. ඒ අනුව නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් මිලදී ගැනීමේදී නිෂ්පාදනයේ සඳහන් තොරතුරු පිළිබඳව හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, ආනයනික භාණ්ඩයක SLS ලාංඡනය නොමැති වීම පමණක් එම භාණ්ඩය නීති විරෝධී බවට නිගමනය කිරීමට හේතුවක් නොවන බව ද පෙන්වා දෙන එම අධිකාරිය, සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමතීමට හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට