පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ ප්රධාන දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංග වෙනුවට නැගී එන යොවුන් ක්රීඩක සිනෙත් ජයවර්ධන සහ දඟපන්දු යවන ක්රීඩක විජයකාන්තන් වියස්කාන්ත් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ශ්රී ලංකා පිරිමි ජාතික T20 කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී ටෙස්ට් තරග දෙකක්, T20 තරග තුනක් සහ එංගලන්තයද එක්වන එක්දින තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතය.
T20 තරගාවලිය ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවල රාවල්පිණ්ඩිහිදී පැවැත්වේ.
එක්දින තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 18 සිට 31 දක්වා පැවැත්වෙන අතර, ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට නියමිතය.
T20 සංචිතය
කමිල් මිෂාර
සිනෙත් ජයවර්ධන
කුසල් මෙන්ඩිස් – නායක
ලහිරු උදාර
සහන් ආරච්චිගේ
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
චමිඳු වික්රමසිංහ
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
බිනුර ප්රනාන්දු
නුවන් තුෂාර
එෂාන් මාලිංග
දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්යතාවට යටත්ව

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට