පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ ප්‍රධාන දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට නැගී එන යොවුන් ක්‍රීඩක සිනෙත් ජයවර්ධන සහ දඟපන්දු යවන ක්‍රීඩක විජයකාන්තන් වියස්කාන්ත් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පිරිමි ජාතික T20 කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී ටෙස්ට් තරග දෙකක්, T20 තරග තුනක් සහ එංගලන්තයද එක්වන එක්දින තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතය.
T20 තරගාවලිය ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවල රාවල්පිණ්ඩිහිදී පැවැත්වේ.
එක්දින තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 18 සිට 31 දක්වා පැවැත්වෙන අතර, ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට නියමිතය.
T20 සංචිතය
කමිල් මිෂාර
සිනෙත් ජයවර්ධන
කුසල් මෙන්ඩිස් – නායක
ලහිරු උදාර
සහන් ආරච්චිගේ
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
චමිඳු වික්‍රමසිංහ
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
බිනුර ප්‍රනාන්දු
නුවන් තුෂාර
එෂාන් මාලිංග
දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්‍යතාවට යටත්ව

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි
රු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
ඥානසාර හිමියන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්