එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
ඒ අනුව රේගු බද්දට අමතරව අයකරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකරන අතර, අනිකුත් ආයතනවලට අදාළවද එවැනි සරල බදු ක්‍රම අය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
“ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ.”
මේ අතර, 2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත ලබාදුන් ආදායම් ඉලක්කය ආසන්නයට එම දෙපාර්තමේන්තුව පැමිණ ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට