අයි.සී.සී. එක්දින ක්රිකට් පිතිකරුවන් ශ්රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින ක්රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් කුසල් පිතිකරණ ශ්රේණිගත කිරීමේ ඉදිරියට පැමිණි බව අයි.සී.සී. නිවේදනය කළේය.
එහිදී කුසල් ශ්රේණිගත ලකුණු 674කට හිමිකම් කියන අතර එය ඔහුගේ එක්දින ක්රිකට් දිවියේ ලැබූ ඉහළම ශ්රේණිගත ලකුණු සංඛ්යාව ද වන බව සඳහන් වෙයි.
මීට අමතරව චරිත් අසලංක පිතිකරුවන් ශ්රේණිගත කිරීම්හි 15වන ස්ථානය දක්වාත් පැතුම් නිස්සංක 19 වන ස්ථානය දක්වාත් පසුබැස ඇති බව සඳහන් වෙයි.
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පිතිකරුවන් ශ්රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පැමිණ ඇති අතර ඉන්දීය නායක ශුබ්මන් ගිල් තවදුරටත් එහි පෙරමුණේ පසුවන වෙයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට