Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

2 hours ago

අයි.සී.සී. එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් කුසල් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණි බව අයි.සී.සී. නිවේදනය කළේය.

එහිදී කුසල් ශ්‍රේණිගත ලකුණු 674කට හිමිකම් කියන අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලැබූ ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව ද වන බව සඳහන් වෙයි.

මීට අමතරව චරිත් අසලංක පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 15වන ස්ථානය දක්වාත් පැතුම් නිස්සංක 19 වන ස්ථානය දක්වාත් පසුබැස ඇති බව සඳහන් වෙයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පැමිණ ඇති අතර ඉන්දීය නායක ශුබ්මන් ගිල් තවදුරටත් එහි පෙරමුණේ පසුවන වෙයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *