සීදුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රිය අනතුරකට අදාළව භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන එය නැවත ලබා දීම සඳහා රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (02) පස්වරුවේ සීදුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශය තුළදී මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සහයක නියමුවාගේ පහරකෑ ඉන්දීය වීර ගුවන් නියමුවා බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු රෝහලට යයි
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි
ඥානසාර හිමියන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ